මලක් සේ හිනැහිලා දුව වැඩෙන හැටි බලා බයත් හිතෙනව මැණිකේ ගණ අඳුර බෝවෙලා ගොදුරු සොයනා රුදුරු නොමිනිසුන්ගෙන් මුදා දෙනෙත් සේ රැක ගනිමු පුතුට මඟ පෙන්නලා .
පිපෙන මුත් රුව දරා සුවඳ නැති මල් පවා නොවටිනා බව කියමු දුවගෙ හිත සනසලා නැණ ගුණෙන් සවි වඩා සඳ දියෙන් හද තෙමා ජීවිතය කියා දෙමු පුතුගෙ හිත නොරිදවා .
රට දැයම හඳුනනා නව පැතුම් පණ පොවා අපේ රුව ගුණ කියමු කලා වැව පෙන්නලා රට දැයම හඳුනනා සොඳුරු මිනිසෙකු වෙලා ලොව දිනන හැටි කියමු පිරුණු මිනිසෙකු වෙලා .
පද - පමිත ආර්. ලියනගේ සංගීතය - රෝහණ වීරසිංහ ගායනය - සුනිල් එදිරිසිංහ / ප්‍රදීපා ධර්මදාස .
*** සත්සර නිම්නය *** |
No comments:
Post a Comment