Thursday, March 31, 2016

රුවල් ඉරී ගිය නෞකාවේ - විශාරද නන්දා මාලනී

රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානනී...
නොගිලී දළ රළ පෙළ අතරේ...
මා හා යා නොහැකිය ගොඩබිමකට...
රුවල් ඉරී ගිය නෞකාවේ...
.


දෝතට එක්කල වැසිදිය පොවමින් පවසට...
ඉරුණු රුවල් රෙදි දවටා සදමින් උණුසුම...
මා රැක ගත් ඔබ රැක ගත යුතුවේ අද දින...
දියඹේ නවතිමි යනු මැන පෙරමග තනිවම...
.

සුන්බුන් නැව් බඳ දියබත් වී යයි හෙමිහිට...
අත් හළ මැන දැන් මෙතුවක් මට බැඳි සෙනෙහස...
දෑස පියාගෙන මා බිලි දී දිය ගැඹරට...
ගැලවී යනු මැන මේ විපතින් සිත දැඩි කොට...
.

පද - මහාචාර්ය සුනිල් ආරියරත්න.
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - විශාරද නන්දා මාලනී
.
*** සත්සර නිම්නය ***



No comments:

Post a Comment