|
හන්තාන දෙසින් එන මුදු සීත සුළන් රැළි ඔබ තාම හොඳින් හඳුනනවා නම් මේ පාන ඔබේ සුරතින් දැල්වූ මං බෝම ප්‍රවේසම් කර ගන්නම්... .
සංසාර පුරුද්දටදෝ මන්දා ගංඟාව සෝකයෙන් වැලපෙනවා මං තාම මහාවැලි ගං ඉවුරේ වැලි පාර දිගේ හවසට යනවා... .
තනිවී අද මා මේ වැව රවුමේ දළදා පෙරහැර සිරි නරඹනවා මහ සෙනග අතර ඔබ කොතැනක හෝ එහි හිඳිනු ඇතැයි නිකමට හිතිලා... .
පද - සුදත් ගාමිණී බණ්ඩාර සංගීතය - විශාරද ගුණදාස කපුගේ ගායනය - කරුණාරත්න දිවුල්ගනේ .
*** සත්සර නිම්නය ***
|
https://web.facebook.com/sathsaranimnaya/photos/pb.182942418547472.-2207520000.1459409767./591731221001921/?type=3&theater
No comments:
Post a Comment