සක්මන් කරන මළුව පාළුයි දේවී මං විතරවි ඔබ කිසි දිනක නොඒවී ඉක්මන් ගමන් එපා පා පැකිලේවී දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී... .
සෙංකඩගල වට කළ පවුරු වළල්ලේ පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ රන් තරු දෑස පියන රෑ හඳ පානේ අත්තන මලක් වෙලා ඔබ ළඟ ඉන්නේ... .
වාසල මිණි බැඳි දොර හරින වෙලාවේ දෑසින් වැටෙන කඳුළු මට සිහි නොවුණේ ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ මා තනි කරන්නෙපා මතු සංසාරේ... .
ගී පද - රත්න ශ්‍රී විජේසිංහ සංගීතය - ගුණදාස කපුගේෙ ගායනය - කරුණාරත්න දිවුල්ගනේ සමිතා මුදුන්කොටුව .
*** සත්සර නිම්නය ***
|
No comments:
Post a Comment