පාළු සුසානේ ප්‍රේම පුරාණේ කඳුළු විලාපේ මා තමයි අප දෙදෙනාගේ එදා සෙනෙහේ සැමරුම් කිසිදා මැකී නොයේ මට අමතක නෑ ඔබට මතක නෑ.... .
ප්‍රාණය අද හෝ හෙටින් නිමා වී ආදරයක් මිය යාවිදෝ හදවත ගොළු වී ඔබේ නාමයෙන් ජීවිතයක් නවතීවිදෝ මා විමසන්නෙමි කියන්නකෝ මට කෙලෙසද මේ ලෙස කුරිරු වුණේ.... .
මගෙ අත්තටු බිඳ පියා සලාලා යන්නට ඔබ පැතු චේතනා ඔබයි දිනූවේ පරාජිතයි මා මේකද මට දුන් වාසනා ආදර රේඛා සුසුම් හෙලාවී කම්පා කරවා මහී තලේ.... .
දෛවය මෙය නම් සුදු අපි නාඬමු හමුවෙමු මතු සංසාරයෙ කුරා කුහුඹුවන් හෝ නොවිඳීවා ඇවිලෙන මේ ගිනි මා ළයේ ඔබ නොව ළඳුනේ මමයි සදාකල් අසරණ වූයේ කුමාරියේ.... .
පද - ආචාර්ය අජන්තා රණසිංහ සංගීතය - සරත් ද අල්විස් ගායනය - එච්.ආර්.ජෝතිපාල .
***සත්සර නිම්නය*** |
No comments:
Post a Comment