මිනින්දෝරු කන්තෝරුවෙ මුලාදෑනි ටික සුදු බණ්ඩි මගේ නිදා ඉන්න ඉඩම මනිනව ද ඈ ඇහැ ඇරේවි යන්න හොඳයි දම්වැල් අරගෙන තරහ අවසරයි යනව ද දම්වැල් අරගෙන .
පිං කුඹුරු නෙළන කාලෙට මට හීල අරන් එන ඉස විසාදියට තෙල් උලලා තෝන්තුවා වෙන රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙණියේ පස් යට රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙණියේ පස් යට......... .
දෙයි හාමුදුරුවො දන්නවනම් දැන් ඈ නැති වග තෙල් පාන වුණත් නිවා දමයි සංහිඳ පාමුල වාවන් නෑ මේ දුරුත්ත සංසාරේ තනි මට වාවන් නෑ මේ දුරුත්ත සංසාරේ තනි මට...... .
පද - රත්න ශ්‍රී විජේසිංහ සංගීතය - එච්.එම්.ජයවර්ධන ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
***සත්සර නිම්නය*** |
No comments:
Post a Comment