ඔබ මා සමඟ අතිනත ගන්නා දවස මේ මහ කන්ද බැලුවා හිද ගම සිරස ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස... .
වෑ දිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි පාළුව ලුහුබදින කිරලා හඬා වැටෙයි නොකියූ රහස හද උතුරා වාන් දමයි මතකයෙ සුවඳ තවමත් මා සිතට ඇනෙයි... .
ඔබ මා සමඟ අතිනත ගන්නා දවස මේ මහ කන්ද බැලුවා හිඳ ගම සිරස ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස... .
පද - සුනිල් සරත් පෙරේරා සංගීතය - පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව ගායනය - පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව .
*** සත්සර නිම්නය *** |
No comments:
Post a Comment