Thursday, March 31, 2016

මුතුකුඩ ඉහලන මල් වරුසාවේ - රෝහණ වීරසිංහ



මුතුකුඩ ඉහලන මල් වරුසාවේ
උඩ ඉගිලෙන විට වැහි ලේණී
එබී බලා රිය කවුළු දොරින්
යටගිය දවසේ දෑස ගියා ඉගිලී...
.

අඳුරු ලලා සෙංකඩගල වැස්සේ
දියදහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මධු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ...
.

රිය ඇතුළේ උණුසුම ඔබට දිදී
නහවයි මා රියසක මඩවතුරේ
නෑ හිත රිදුණේ අදත් එදා සිහිවී
අපේ සබඳකම් නෑ රියසක දන්නේ...
.

පද - ලූෂන් බුලත්සිංහල
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - රෝහණ වීරසිංහ

***සත්සර නිම්නය***

මිනින්දෝරු කන්තෝරුවෙ - කරුණාරත්න දිවුල්ගනේ

මිනින්දෝරු කන්තෝරුවෙ 
මුලාදෑනි ටික
සුදු බණ්ඩි මගේ නිදා ඉන්න 
ඉඩම මනිනව ද
ඈ ඇහැ ඇරේවි යන්න හොඳයි 
දම්වැල් අරගෙන
තරහ අවසරයි යනව ද
දම්වැල් අරගෙන
.

පිං ‍කුඹුරු නෙළන කාලෙට
මට හීල අරන් එන
ඉස විසාදියට තෙල් උලලා
තෝන්තුවා‍ වෙන
රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ
දෙණියේ පස් යට
රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ
දෙණියේ පස් යට.........
.

දෙයි හාමුදුරුවො දන්නවනම්
දැන් ඈ නැති වග
තෙල් පාන වුණත් නිවා දමයි
සංහිඳ පාමුල
වාවන් නෑ මේ දුරුත්ත
සංසාරේ තනි මට
වාවන් නෑ මේ දුරුත්ත
සංසාරේ තනි මට......
.

පද - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - එච්.එම්.ජයවර්ධන
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

***සත්සර නිම්නය***

කොහේ හෝ ඔබ හිඳී නම් සතුටින් - ජානක වික්‍රමසිංහ

Add caption

කොහේ හෝ ඔබ හිඳී නම් සතුටින්
කොහේ හෝ ඔබ වෙසේ නම් නිදුකින් 
මේ විසල් මිහිතලයේ 
එය මගේ පැතුමයි මගේ සතුටයි ...
.

වලා ගැඹරෙහි සැඟව ගිය සඳසේ
ලිහී දෙනෙතින් නුහුරු දුරු පියසේ
ගියද ඔබගේ එළිය නොනිවේ මැයි
පහස නොමැකේ මැයි...
.

වනේ වදුලෙහි ගලන දිය වැල සේ
නුවන් දෝතින් වැළඳ ගමි කෙලෙසේ
නමුදු ඔබගේ සිසිල නො‍නැසේ මැයි
සුවඳ නොසිඳේ මැයි...
.

පද - කුලරත්න ආරියවංශ
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - ජානක වික්‍රමසිංහ

***සත්සර නිම්නය***

කොළොම්තොට නැත මහලු වී - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

කොළොම්තොට නැත මහලු වී
අවන්හල නැත පැරණි වී
එදා හඳ ම යි අදත් යෞවනයේ
එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොඳුරියේ

.

කුඹ ගසක් උඩ නැවතිලා
සිනා සලමින් සඳේ ඇයි සරදම්
බලන් කැඩපත සොඳුරියේ
පාට වත්සුණු දෙකොපුලෙන් පිස දා
.

පෙරුම් පුරමින් හමු වෙලා
උනුන් රහසින් බැන්ද ආදර පෙම්
බලන් කැඩපත සොඳුරියේ
කුමන අරුම ද නර කෙසක් නැඟිලා
.

පද - ලූෂන් බුලත්සිංහල
සංගීතය - ගුණදාස කපුගේ
ගායනය - 
පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

***සත්සර නිම්නය***

පාළු සුසානේ ප්‍රේම පුරාණේ - එච්.ආර්.ජෝතිපාල

පාළු සුසානේ ප්‍රේම පුරාණේ 
කඳුළු විලාපේ මා තමයි 
අප දෙදෙනාගේ එදා සෙනෙහේ 
සැමරුම් කිසිදා මැකී නොයේ 
මට අමතක නෑ ඔබට මතක නෑ....
.

ප්‍රාණය අද හෝ හෙටින් නිමා වී
ආදරයක් මිය යාවිදෝ
හදවත ගොළු වී ඔබේ නාමයෙන්
ජීවිතයක් නවතීවිදෝ
මා විමසන්නෙමි කියන්නකෝ මට
කෙලෙසද මේ ලෙස කුරිරු වුණේ....
.

මගෙ අත්තටු බිඳ පියා සලාලා
යන්නට ඔබ පැතු චේතනා
ඔබයි දිනූවේ පරාජිතයි මා
මේකද මට දුන් වාසනා
ආදර රේඛා සුසුම් හෙලාවී
කම්පා කරවා මහී තලේ....
.

දෛවය මෙය නම් සුදු අපි නාඬමු
හමුවෙමු මතු සංසාරය‍ෙ
කුරා කුහුඹුවන් හෝ නොවිඳීවා
ඇවිලෙන මේ ගිනි මා ළයේ
ඔබ නොව ළඳුනේ මමයි සදාකල්
අසරණ වූයේ කුමාරියේ....
.

පද - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - සරත් ද අල්විස්
ගායනය - එච්.ආර්.ජෝතිපාල
.

***සත්සර නිම්නය***

ඔබ මා සමඟ අතිනත ගන්නා දවස - පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව

ඔබ මා සමඟ අතිනත ගන්නා දවස
මේ මහ කන්ද බැලුවා හිද ගම සිරස
ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස...
.

වෑ දිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි
පාළුව ලුහුබදින කිරලා හඬා වැටෙයි
නොකියූ රහස හද උතුරා වාන් දමයි
මතකයෙ සුවඳ තවමත් මා සිතට ඇනෙයි...
.

ඔබ මා සමඟ අතිනත ගන්නා දවස
මේ මහ කන්ද බැලුවා හිඳ ගම සිරස
ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස...
.

පද - සුනිල් සරත් පෙරේරා
සංගීතය - පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව
ගායනය - පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව
.

*** සත්සර නිම්නය ***

බිරිඳ මගේ ඔබ - විශාරද ගුණදාස කපුගේ / විශාරද නන්දා මාලනී

බිරිඳ මගේ ඔබ 
නෑ මා ඔබ‍ගේ බිරිඳ නොවේ
දෑගිලි හුයකින් බැඳි පමණින් මා 
ඔබගේ බිරිඳ ‍නොවේ
ඔබගේ බිරිඳ නොවේ
.

ඔබ පෙම් කල අය ඔබට ලැබී නැත
මා පෙම් කල අය මටද ලැබී නැත
මාව් පිය නෑ සිය ආසිරි ගී මැද 
දෑගිලි පමණක් එකට බැඳී ඇත
දෑගිලි පමණක් එකට බැඳී ඇත...
.

සිරුරින් එක තැන හදවත් දෙතැනක 
දෙදෙනෙකු වෙමු අපි එකම වහලයට
ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය
අපට මියෙන තුරු හැදිනිය හැකිවෙද
අපට මියෙන තුරු හැදිනිය හැකිවෙද...
.

පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - ගුණදාස කපුගේ
ගායනය - විශාරද ගුණදාස කපුගේ
විශාරද නන්දා මාලනී
.

*** සත්සර නිම්නය ***

මලක් සේ හිනැහිලා - සුනිල් එදිරිසිංහ / ප්‍රදීපා ධර්මදාස

මලක් සේ හිනැහිලා දුව වැඩෙන හැටි බලා
බයත් හිතෙනව මැණිකේ ගණ අඳුර බෝවෙලා
ගොදුරු සොයනා රුදුරු නොමිනිසුන්ගෙන් මුදා
දෙනෙත් සේ රැක ගනිමු පුතුට මඟ පෙන්නලා
.


පිපෙන මුත් රුව දරා සුවඳ නැති මල් පවා
නොවටිනා බව කියමු දුවගෙ හිත සනසලා
නැණ ගුණෙන් සවි වඩා සඳ දියෙන් හද තෙමා
ජීවිතය කියා දෙමු පුතුගෙ හිත නොරිදවා
.

රට දැයම හඳුනනා නව පැතුම් පණ පොවා
අපේ රුව ගුණ කියමු කලා වැව පෙන්නලා
රට දැයම හඳුනනා සොඳුරු මිනිසෙකු වෙලා
ලොව දිනන හැටි කියමු පිරුණු මිනිසෙකු වෙලා
.

පද - පමිත ආර්. ලියනගේ
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ / ප්‍රදීපා ධර්මදාස
.

*** සත්සර නිම්නය ***

ඔබ ගාව මට ඉන්න නැතිදෝ වරම් - සනත් නන්දසිරි

ඔබ ගාව මට ඉන්න නැතිදෝ වරම්
දැන් ඔබ ඉන්නේ කෙලෙසින්ද වෙන් වී ගිහින්
මට නොකියාම හැර දාල ගිය දා පටන්
මම තනි වෙන්නෙ හැමදාම ඔබ නැති සොවින්...
.


ලෝකය අසයි මසිත ගොළු වී තියෙයි
රහසින් හඬයි දෑස කඳුළින් තෙමෙයි
ආදරය කළෙ ඇයිද රිදවන්න නම්
මෙතුවක් කලක් ඇයිද සිටියේ ළඟින්
ඔබ ඇයි උන්නෙ ලං වීල මට ආදරෙන්...
.

හැර දා ගියත් මසිත ඔබ ගැන සොයයි
සිහිනෙන් දකියි සිතට සංතාප දෙයි
සැනසෙන්න මතු දිනක සුපුරුදු ලෙසින්
දැන් ඔබ ගත්ත සිත දෙන්න දෙවියන් නමින්
දැන් ඔබ ගත්ත සිත දෙන්න දෙවියන් නමින්...
.

පද - රොහාන් රූපසිංහ
සංගීතය - නදුන් රත්නායක
ගායනය - සනත් නන්දසිරි
.

*** සත්සර නිම්නය ***

ගෙඩි සියයක් - විශාරද නන්දා මාලනී

ගෙඩි සියයක් බිම හෙලුවත් 
අපප්චිට එක ගෙඩියයි
අපි රැකෙන්නෙ ඒ ගෙඩි 
විකුණලයි හන්දියේ
පුංචි ළිදේ වතුරට 

නාඬන්න නංගියේ...
.

ගස් සොලවා හමා ඇදෙන
සුළඟ තවත් මුරණ්ඩු වෙයි
හයියෙන් නම් හුස්ම ගන්න
එපා නංගියේ
අප්පච්චී තුරු මුදුනේ
හිඳින වංගියේ...
.

පියෙන් පියට ඉහළට යන
හැටි බලන්න බය හිතුනොත්
පුංචි දෑස තදින්
පියාගන්න නංගියේ
මමත් එහෙම කළා
මගේ පුංචි සංදියේ...
.

පද - සමන් ප්‍රියදර්ශන
සංගීතය - ආනන්ද ගමගේ
ගායනය - නන්දා මාලිනී
.

*** සත්සර නිම්නය ***


මේ මැයි ගහ යට - මිල්ටන් මල්ලවාරච්චි

මේ මැයි ගහ යට දවසක් දා...
වැස්සට අපි උන්නා...
රත් කැට වාගේ මැයි මල් පිපී පීපී...
අපට සෙවණ දුන්නා...
අපට සෙවණ දුන්නා...
.

මැයි මාසේ එක සැන්ඳෑ වරුවක...
සීතල වැහි පොද වැටෙන වෙලේ...
ආදර වියෝවක් සිතින් එබෙන සඳ...
වැහි පොද සේ නෙතු කඳුළු සැලේ...
වැහි පොද සේ නෙතු කඳුළු සැලේ...
.

වැහි පොද වැටුණත් ඉස්සර වාගේ...
මැයි මල් පිපුණත් රතට රතේ...
අප දෙදෙනෙක් නැත අද මා පමණයි...
මැයි ගස් සෙවණේ අදුරු පෙතේ...
මැයි ගස් සෙවණේ අදුරු පෙතේ...
.

පද - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - මිල්රෝයි ධර්මරත්න
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
.

*** සත්සර නිම්නය ***

සුළඟට සැලෙනා (ඉටි පහනක් දෝ මා)- විශාරද නන්දා මාලනී

සුළඟට සැලෙනා
සුළඟට සැලෙනා
පළඟැටි කුරුමිණි මෙරු හැපෙනා
ඉටි පහනක් දෝ මා
නිවි නිවි දැවෙනා
දැවි දැවි නිවෙනා...
.

මා වට මඳ එළියේ
පළඟැටි සේනා සැණකෙළියේ
මිහිර බි‍‍ඳේදෝ සිරුර සිඳේදෝ
මා කෙළෙසී යාදෝ...
ඉටි පහනක් දෝ මා
නිවි නිවි දැවෙනා
දැවි දැවි නිවෙනා...
.

මා වත රුවට ඇදී
අනඟ රැඟුම් පා තරග වැදී
හදවත කළඹා ගත සිත පොලඹා
නිසසල දැහැන බිදී...
ඉටි පහනක් දෝ මා
නිවි නිවි දැවෙනා
දැවි දැවි නිවෙනා...
.

කළුවර පලස ඉරා
මා වත දුබලව දැවෙන තුරා
වට කැරකෙන්නෝ සෙනෙහෙ මවන්නෝ
පණ නළ ගනිති සොරා...
ඉටි පහනක් දෝ මා
නිවි නිවි දැවෙනා
දැවි දැවි නිවෙනා...
.

පද - සෝමරත්න දිසානායක
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - විශාරද නන්දා මාලනී
.

*** සත්සර නිම්නය ***

රුවල් ඉරී ගිය නෞකාවේ - විශාරද නන්දා මාලනී

රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානනී...
නොගිලී දළ රළ පෙළ අතරේ...
මා හා යා නොහැකිය ගොඩබිමකට...
රුවල් ඉරී ගිය නෞකාවේ...
.


දෝතට එක්කල වැසිදිය පොවමින් පවසට...
ඉරුණු රුවල් රෙදි දවටා සදමින් උණුසුම...
මා රැක ගත් ඔබ රැක ගත යුතුවේ අද දින...
දියඹේ නවතිමි යනු මැන පෙරමග තනිවම...
.

සුන්බුන් නැව් බඳ දියබත් වී යයි හෙමිහිට...
අත් හළ මැන දැන් මෙතුවක් මට බැඳි සෙනෙහස...
දෑස පියාගෙන මා බිලි දී දිය ගැඹරට...
ගැලවී යනු මැන මේ විපතින් සිත දැඩි කොට...
.

පද - මහාචාර්ය සුනිල් ආරියරත්න.
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - විශාරද නන්දා මාලනී
.
*** සත්සර නිම්නය ***



රැලකින් තනි වී - අබේවර්ධන බාලසූරිය

රැලකින් තනි වී වන මැද සරනා
කැකුළු තුරුණු යාමේ
ඇතෙකුට ඇත් දළ යුවලක් වාගේයි
මට ඔබගේ ප්‍රේමේ...
.

හබල බිඳී ගොස් පෙරළුණු ඔරුවක්
ලෙස පාවෙන දිවියේ
රුවල් මසා දී ගොඩ ගනු රිසියෙන්
වෙහෙසෙන මියුලැසියේ...
.

තුඩ තුඩ තබමින් නෙක නෙක පලවැල
කවා පොවා සනහා
පෙරුම් පුරනවද මතු බුදු වන්නට
මට දී රැකවරණා...
.

පද -ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - අබේවර්ධන බාලසූරිය
.

*** සත්සර නිම්නය ***

හන්තාන දෙසින් එන - කරුණාරත්න දිවුල්ගනේ

හන්තාන දෙසින් එන 
මුදු සීත සුළන් රැළි
ඔබ තාම හොඳින් හඳුනනවා නම්
මේ පාන ඔබේ සුරතින් දැල්වූ
මං බෝම ප්‍රවේසම් කර ගන්නම්...

.

සංසාර පුරුද්දටදෝ මන්දා
ගංඟාව සෝකයෙන් වැලපෙනවා
මං තාම මහාවැලි ගං ඉවුරේ
වැලි පාර දිගේ හවසට යනවා...
.

තනිවී අද මා මේ වැව රවුමේ
දළදා පෙරහැර සිරි නරඹනවා
මහ සෙනග අතර ඔබ කොතැනක හෝ
එහි හිඳිනු ඇතැයි නිකමට‍ හිතිලා...
.

පද - සුදත් ගාමිණී බණ්ඩාර
සංගීතය - විශාරද ගුණදාස කපුගේ
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
.

*** සත්සර නිම්නය ***



https://web.facebook.com/sathsaranimnaya/photos/pb.182942418547472.-2207520000.1459409767./591731221001921/?type=3&theater

රන් කෙන්දෙන් බැඳ - විශාරද නන්දා මාලනී .

රන් කෙන්දෙන් බැඳ 
අතැඟිලි එක් කළ ආදරයයි 
පෙම් රැහැනින් බැඳ
සිතුම් වසඟ කළ ආදරයයි ...
.


කිරිලිය සේ දුර පියාසලාලා
අත් තටු රිදුනා පමණයි ..
දෑල විදා හල දෑත මගෙ
ඔබටත් ඔහුටත් උරුමයි
හිරු සඳු එකවර දෙපස නැගේ
කළුවර ඇයි විජිතයම මගේ ...
.

කනාටු සුළඟේ දුහුල් මලකි අද
වල්මත් වී පා වෙන්නේ
ඔබගෙන්දෝ ඔහුගෙන් දෝ
මා හෙට දින සමුගන්නේ
.

පද - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - සරත් දසනායක
ගායනය - විශාරද නන්දා මාලනී
.

*** සත්සර නිම්නය ***



https://web.facebook.com/sathsaranimnaya/photos/pb.182942418547472.-2207520000.1459409767./590323731142670/?type=3&theater

මේ කඳුළු බිංදුව - සුනිල් එදිරිසිංහ

මේ කඳුළු බිංදුව 
මගෙ නොවෙයි
එය ඔබේමයි 
එය ඔබේමයි...
.


ඇඳ වියල ළඟ
අඩ සඳින් දිදුලන
මළ තාරකාවක
සිහිල කැටි වුණ
මේ කඳුළු බිඳුවේ
අයිතිකාරිය ඔබ තමයි...
.

හඞන්නට කිසිදා
නොදැන සිටි මට
මළ පොත කියාදී
නොකියාම ගිය
මේ කඳුළු බිඳුවේ
අයිතිකාරිය ඔබ තමයි...
.

පද - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ

මගේ දින පොතේ - චන්ද්‍රලේඛා පෙරේරා

මගේ දින පොතේ හි අද රෑ ලියන්නේ 
මගේ දින පොතේ හි අද රෑ ලියන්නේ
අ‍ප පෙම් කතාවේ අවසානයයි
ඔබ නේන දා හෙට මා මනමාලියයි...
.

කවදාක හෝ එක්තැන් වෙලා
සුව හා සුසුම් සම සේ දරා
අත්වැල් බැඳන් යමු ජීවිතේ
ඒ කී වදන් බොල් හීනෙකී...
.

පාසැල් සමේ අ‍පි දෙන්නගේ
නම් කුරුටු ගෑ කඩදාසි ඒ
ගිනි අවුළුවා නටබුන් පෙමින්
අපි වෙන්වෙමු දෛවේ ලෙසින්...
.

පද - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - සරත් දසනායක
ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා
.

*** සත්සර නිම්නය ***

Wednesday, March 30, 2016

කොහේ හෝ දැන් හිඳිනවා ඇති ඔබත් - දීපිකා ප්‍රියදර්ශනී

කොහේ හෝ දැන් හිඳිනවා ඇති ඔබත්
මගේ විජිතේ අහිමි වි මට මමත්
ලැබූ දිනුමක් ඇත්ද ඔබ මා
මැවු සුන්දර සිහින මතකය මිසක්
.

සිහින රැකගෙන දිවා රෑ ආදරෙන්
ඇවිද ගිය හැටි ඔබට මතකද ඉතින්
අපට අප නැති හෙට දිනක දුක අරන්
හඬා කුමටද නොදරුවන් සේ ඉතින්
.

සුසුම් ලන ලොව දැක තැවුල් පිරි හදින්
සුසුම් ලන්නද අප ගැනම කොයි ලෙසින්
සුබ අසුබ පිරි සිහින විඳ තුන් සිතින්
සදා හමුවෙමු මග තොටේ මදහසින්
.

පද - රවී සිරිවර්ධන
සංගිතය - රෝහණ වීරසිංහ
ගායනය - දිපිකා ප්‍රියදර්ශණී
.

*** සත්සර නිම්නය ***

සක්මන් කරන මළුව පාළුයි දේවී - කරුණාරත්න දිවුල්ගනේ / සමිතා මුදුන්කොටුව

සක්මන් කරන මළුව පාළුයි දේවී
මං විතරවි ඔබ කිසි දිනක නොඒවී
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී 
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී...
.

සෙංකඩගල වට කළ පවුරු වළල්ලේ
පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ
රන් තරු දෑස පියන රෑ හඳ පානේ
අත්තන මලක් වෙලා ඔබ ළඟ ඉන්නේ...
.

වාසල මිණි බැඳි දොර හරින වෙලාවේ
දෑසින් වැටෙන කඳුළු මට සිහි නොවුණේ
ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
මා තනි කරන්නෙපා මතු සංසාරේ...
.

ගී පද - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - ගුණදාස කපුගේෙ
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
සමිතා මුදුන්කොටුව
.

*** සත්සර නිම්නය ***


රතු මල් ඔසරිය නැතුවට ගෙයි ඔබ - තිලකසිරි රත්නායක

රතු මල් ඔසරිය නැතුවට ගෙයි ඔබ
කේන්ති ඇයි ඔතරම්
ඒ මල් ඔසරිය පොඩි දුව රහසින්
ඇඳගෙන හරි මනරම්...
.

මල් පොකුරක් පොඩි දෑතින් අරගෙන
දුටුවද ඈ අර හිනැහෙන ලස්සන
සෙල්ලම් ගෙයි මනමාලි වගේ
දුටුවද ඈ අර හිනැහෙන ලස්සන
සෙල්ලම් ගෙයි මනමාලි අගෙයි...
.

මතු යම් දිනයක දුව තරුණියකව
තරුණෙකු සමඟින් සරණව යන දින
ඇගෙ හැඩ රුව මා සිතට නැගේ
අපි දෙන්නා හට දිය උගුරක්වත්
දෙන්නේ හෙට ඇය නොවෙද ලොවේ...
.

පද - නිමල් රත්නසිරි රූපසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ/සරත් දසනායක
ගායනය - තිලකසිරි රත්නායක
.
*** සත්සර නිම්නය ***


පෙම් රස වෑහෙන මංගල ගීතේ - වික්ටර් රත්නායක


පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මධුරස වෑහෙනා ආදර නැකත ළඟා වේ...
නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොලග ගී සැරේ මී වද සුවඳ සදා දේ...
.

පෙම් කතරේදී දෑස නිවාලන
අවාරයේ ආ පිනි වරුසා වේවා...
ඒ පෙම් කතරේ මා එන අතරේ
තනි තරුවක් සේ පාවේවා...
.

සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ
මැකී නොයේවා සදාතනික වේවා...
සසරෙන් සසරේ එන්නෙමි මිහිරේ
ධීවරියක් සේ මා එනවා...
.

පද රචනය - සෝමපාල ලීලානන්ද
සංගීතය - සරත් දසනායක
ගායනය - වික්ටර් රත්නායක / ඉන්ද්‍රාණි පෙරේරා
.

*** සත්සර නිම්නය ***

පිනි පොදක් නැතිව - කරුණාරත්න දිවුල්ගනේ

type=3&theater


පිනි පොදක් නැතිව 
සුසුම් හෙළන වන්නි තුලානේ
උඹ හිනා වුණත් 
කරඹ මලක් සේ
හිත ඉකිගහනා හඬ ඇහුණා 
හීන් සීරුවේ . . .
.

සිකුරු තරුව හැමදාමත්
ඔච්චම් කෙරුවා ඉරගල
වැටෙන කරුවලේ
පැණි මොර මල් සුවඳට එන
බඹරු රැහේ ඉගිලුණාද
උඩු හුළං මනාපේ . . .
.

අටවක හඳ රටා වියන
වැව් ඉස්මත්තෙන්
සී පද අඬහැර ඇසුණේ
උඹේ හිතේ කකියන දුක
හේවාරම් සී පදයට
උඹ කියාපන් නගේ . . .
.

පද - සුනිල් දයානන්ද කෝනාර
සංගීතය - තිස්සසිරි පෙරේරා (තනුව - සුනිල් දයානන්ද)
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
.

*** සත්සර නිම්නය ***