රැලකින් තනි වී වන මැද සරනා කැකුළු තුරුණු යාමේ ඇතෙකුට ඇත් දළ යුවලක් වාගේයි මට ඔබගේ ප්‍රේමේ... .
හබල බිඳී ගොස් පෙරළුණු ඔරුවක් ලෙස පාවෙන දිවියේ රුවල් මසා දී ගොඩ ගනු රිසියෙන් වෙහෙසෙන මියුලැසියේ... .
තුඩ තුඩ තබමින් නෙක නෙක පලවැල කවා පොවා සනහා පෙරුම් පුරනවද මතු බුදු වන්නට මට දී රැකවරණා... .
පද -ප්‍රේමකීර්ති ද අල්විස් සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ ගායනය - අබේවර්ධන බාලසූරිය .
*** සත්සර නිම්නය *** |
No comments:
Post a Comment